Tuesday, January 8, 2019

Which Reason


  නොහඳුන බොහොමයක් මැද
හැඳින ගත්තක් ඇත 
 හැඳින ගත් නුඹ තුළ
එක් කොනක
නොහඳුනන
මම

Monday, August 7, 2017

ටෙලිෆෝන් උන්මාදය

 


සැන් ඩියේගෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා ආචාර්යවරියක් සිදුකරන ලද සමීක්ෂණයකින් නූතන ගැටවර පරපුර (teenage generation)  මුහුණදෙමින් සිටින බරපතල අර්බුධයක් ගැන තොරතුරු හෙලිවී තියෙනවා. ඇයගේ සමීක්ෂණ දත්ත අනුව ස්මාර්ට්ෆෝන් ජනප්‍රිය වී ඇති මෙම යුගයේ ගැටවර පරපුර
  • මිතුරු මිතුරියන් ඇසුරින් ඈත්වූ
  • විනෝදාස්වාදයන් සඳහා අඩුවෙන් නිවසෙන් බැහැරව යන
  • තම මිතුරු මිතුරියන් තමන්ව ඈතිකරන්න බලන බව, වෙනස් කම් පෙන්වන බව සිතන
  • බොහෝවිට තනිකමෙන් පෙලෙන තැනැත්තන් බවට පත්වෙලා. 


නිවසට වී ස්මාර්ට්ෆෝන් තිරය දෙස දෑස් යොමාගෙන, තම මිතුරු මිතුරියන් සමාජ ජාලවල බෙදාහරින ඡායාරූප දෙස බලමින් සිටිනා ගැටවර/ගැටවරියන් සිය මිතුරු-මිතුරියන් විනෝදවන හැටි, විවිධ ස්ථානවල සංචාරය කරන සැටි බලමින් දුකසේ සිටිනවා. 

කන්නට පෙර කෑමපිඟාන, එලියට බහින්නට පෙර ගේ දොරකඩ ලඟ සිට පවා ඡායාරූපගත කොට "having dinner @.... feeling awesome with..... traveling to..... " යනුවෙන් තමන් කරන කියන එදිනෙදා කටයුතු, යන එන ගමන් පවා මහා ආශ්වාදජනක බව මවා පාමින් පට්ට ෆන් එකක්  ලබන බව අතිශයොක්තියෙන් වාර්තාකරන්නන්ද, නිවසේ තනිවී මේවා බලමින් සිටින්නන් තරමටම විෂාදයෙන් පෙලෙනවා.


මේ සමීක්ෂණයේ තොරතුරු මත එළඹුනු තවත් නිගමනයක් නම් තනිකම හා විශාදයේ ප්‍රභලත්වය, ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලමින් ගතකරන කාලයට සමානුපාතික බවයි. වැඩි කාලයක් තිරය දෙස බලාගෙන ගතකරන්නන් වැඩියෙන් තනිකමින් හා විශාදයෙන් පෙලෙනවා.

මෙවැනි ස්මාර්ට්ෆෝන් ගැටවුන්/ගැටිස්සියෙන් අඩු ආත්මවිශ්වාසයෙන් පෙලෙන, හීනමාන ගතිවලින් පීඩාවිඳින,  සියදිවිනසා ගැනීම ගැන වැඩියෙන් සිතන අය බවද වාර්තාවීම බිය ජනකයි. එමෙන්ම අවධානය දිනාගැනීමට/වැඩියෙන් ලයික් ගැනීමට අනවශ්‍ය අවදානම් ගන්නා පිරිසක් බවටද පත්වෙමින් සිටිනවා.

Wednesday, June 28, 2017

වරක් දැක 
දෙවැනි දැක්මට පෙරම
තුන් ජාමෙටත් කළියෙන්
මාගේ සියල්ල උඹට පිදීමට
සිතා
දෙවරක් නොසිතාම
උඹට වහලෙක් වුනෙමි
පෙමක් බැන්දෙමි
තත්ත්පරයකින්
මා මතම වැතිර
මගේ ලය සපා
මා  වෙලා ගත්තෙමි
හදුනා ගත්තෙමි මා
අනෙක් බඩු අතර උඹ,
බඩුවකි නමුත් බ‍්‍රෑන්ඩඞ්..

Tuesday, June 27, 2017

වම දකුණ වම


                                     වම තවම නොසංසුන්
දකුණ කවදත් සංසුන් 
මොකද මෙච්චර වම කොට 
හැමදාම මට කොලොප්පන් 
හයි හීල්ස් නෑනේ මට
බකලට ඔච්චමට දා ඇවිදින්නට
කැට්වෝක් හීනයක්
වම නැති දකුණට 
ගන්න බෑ වාරුවක් 
කකුල් දෙකේ අසමබරය හැමදාම මට බරක්
වම දකුණ වම
කකුල් දෙකම නොසංසුන්
වම දකුණ වම
පස්සේ කකුලෙ ගොම

Sunday, June 25, 2017

අපැහැදිලි නඩුව

වැරදිකරු කවරෙක්ද,
විත්තිය ද මේ..
චූදිතයාද මේ.. 
කිනම් වූ විනිශ්චයක් ද 
විනිසුරුවෙක්ට ගිජු මවාගත් උසාවියක
පැමිණිල්ල පමණකි පැහැදිලි
කිනම් යුක්තියක් ද
චූදිතවිනිසුරු, විත්තියම වූ කළ....

Tuesday, June 13, 2017

she sold out






හොඳ හා නරක අතර නිරන්තරයෙන් දෝලනය වන සමාජයේ සමාජ දෝංකාරය නිරතුරුව හොඳ දේ මතම රැඳෙන බවක් හඟවයි. එනමුත් යමක් හොඳ බවට පත් වීමට නම් තව දෙයක් නරක් විය යුතුමයි. නිරතුරුව සමාජයේ ඉස් මුදුනේ කැපී පෙනෙන්නේ හොඳ දේ නමින් හන්වඩු ගැසුනු දෙයක් පමණි. සමාජය තුළ හන්වඩු ගැසිම සිදු වන්නේද ඒකීය මුහුණුවරයකිනි. සමාජයේ ඉස් මුදුනේ කැපී පෙනෙන්නේ හොඳ දේ වුවත් සමාජ බර හිස මත තබා ගනිමින් සමාජ බර සමාජ පීඩනය විඳින්නේ සමාජ පසු  බෑමකට ලක්වන මෙකී නරකයාය. නිරන්තරයෙන් සමාජයේ වාසි ලබමින් සුඛෝපභෝගි දිවියක් ගත කරන්නේ සමාජ බලවතාය. සාමාන්‍ය සමාජයේ සිදු වන අසාමාන්‍ය දේ සාමාන්‍ය පුද්ගලයාට සාමාන්‍යයෙන් පිළිඹිබු වීම ආයාසයෙන් සිදු නොවේ. එනිසාම මෙකී සමාජ යථාර්ථය පොදු ජනයාගේ ඇස් මානයට ගෙන ඒම සඳහා ගත් ප්‍රයත්නයක් ලෙස විරෝධාකල්ප ගීතයේ බිහි වීම හැඳින්විය හැකිය. සවැදි දෙයින් කම්පිත වූ සවන් නිවැරදි දෙයින් විනිර්මුක්ත කිරීමට උත්සහ ගන්නා අමුතුම තාලයේ කලාවක් ලෙස විරෝධාකල්ප ගී සංකල්පය  වැඩි දුරටත් හඳුනා ගත හැකිය. බොහෝ විට මෙම ගේය පද උපහාසාත්මක රසින් යුක්ත වීම වෙසෙසකි. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිව ඇති විරෝධාකල්ප ගීත බොහෝ විචාරකයින්ගේ හා ගීත රචකයින්ගේ මෙන් ම  සංගීතඥයින්ගේ ද විවේචනයට ලක් වී තිබේ. 

ලාංකේය පද්‍ය සාහිත්‍ය තුළ නන්දාමාලිනිය, ගුණදාස කපුගේ, විජය කුමාරතුංග, ප්‍රදීපා ධර්මදාස, මාලිනී බුලත්සිංහල යන ගායක ගායිකාවන් විසින් විරෝධාකල්පය තම ගීත නිර්මාණයන් සඳහා වැඩි වශයෙන් යොදා ගැන්මක් දක්නට තිබේ. බොහෝ අයගේ අදහස වන්නේ විරෝධාකල්පය ගීතයේ පවතින සෞන්දර්යාත්මක බවට හානි දායක බවයි. ඇතැම් අයගේ අදහස වන්නේ තම ජනප්‍රියත්වය උදෙසා මෙම විරෝධාකල්පය තම ගීත නිර්මාණයන් සඳහා යොදා ඇති බවයි. ගායක ගායිකාවන් හා ගේය පද රචකයින්  අතුරින් රසික හඳවත් දිනා ගැනීමට හැකි වන්නේ අතලොස්සකට පමණි. ඒ අතුරින් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ද රසික ප්‍රේක්ෂක අවධානය දිනා ගත් කලාකරුවෙකු  පමණකි. එනිසා ම විරෝධාකල්ප ගීත ආශ්‍රයෙන් සමාජයේ පුද්ගලයින් අතර වැඩි අවධානයක් දිනා ගැනීමටත් රසික හඳවත් දිනා ගෙන ජනප්‍රියත්වයක් ලබා ගැනීමටත් ගනු ලැබූ ප්‍රයත්නයක් ලෙස විරෝධාකල්පීය ගීත නිර්වචනය කොට තිබේ. මෙම ගීත පිළිබඳව පුවත් පත් මාධ්‍ය මඟින් දක්වා තිබෙන අදහස් කිහිපයක් මෙසේය. 

”....මෙබඳු ගීත තුළ ඇත්තේ ක්‍රෝධය හා වෛරය පමණි. එය වානිජවාදී පදනමක් මත කෙරෙන ජාවාරමක් මිසවෙනත් යමක් නොවේ. ඔවුන් හුදු ඝෝෂකයන් පමණි. කලාකරුවන් නොවේ. ඔවුන් ඝෝෂකයන් වූයේ පටු පරමාර්ථ සඳහාත් සල්ලි සෙවීම සහ ජනප්‍රියත්වය සඳහාත් ය.” - සුනිල් සරත් පෙරේරා (ලංකාදීප,1992 මැයි 27)

”විරෝධාකල්ප රචකයෝ  ගීතයට හසුකර ගතයුතු බොහෝ දෑ ඔවුන්ගේ ගීතයට හසු කර ගත්හ. ඒ හේතුවෙන් යම් කිසි තත්ත්වයකට කිලිටු වීමක් අද ගීතය තුළ දක්නට ලැබේ. ගීතය ඉතාමත් පාරිශුද්ධ දෙයකි.”  - මහින්ද අල්ගම (ලංකාදීප,1992 ඔක්. 04) 

තමන් ජීවත් වන පරිසරයේ හෝ සමාජ ක්‍රමයේ  පවතින විෂමතා හෝ සමාජ අසාධාරණත්වය  පිටු දැකීමේ දෘෂ්ටි කෝණයකින් ගේය පද රචනා කිරීම ආරම්භ වනුයේ මෑත කාලීනව නොවන බව මින් ගම්‍ය වේ. කාලයත් සමඟ නිරන්තරයෙන් සමාජ ක්‍රමය නවීකරණය වන්නේ නිරායාසයෙනි. වෙනස් වන සමාජය විසින් එම සමාජයේ වෙසෙන පුද්ගලයින් ව ඊට අනුරූප වන සේ හැඩගස්වා ගැනීම සිදු වන්නේ ද සමාජ ක්‍රමයේ ම සක්‍රිය ක්‍රියාදාමයක් ලෙසිනි.  සමාජ ක්‍රමයේ පවතින අධම හා අසාරවත් වූ ක්‍රියා හා වත් පිළිවෙත් වලින් මෙන් ම අන්ධ විශ්වාස වලින් සාමාන්‍ය ජනයාගේ දෙනෙත් විවරකර බැලීමට දෙනු ලබන එක් ඉඟියක් ලෙසද විරෝධාකල්ප ගීත සමාජගතව තිබේ. ගීත සාහිත්‍යයේ ආරම්භක යුගයන් තුළ පමණක් නොව සම කාලීනව නිර්මාණය වූ ගීත තුළින්  විරෝධාකල්පය දැකිය හැකිය. විශේෂයෙන්   පශ්චාත් නූතන යුගය වන විට ඇතැම් ගායකයින් විරෝධාකල්පය මුහු කරගනිමින් තම නිර්මාණයන් සිදු කිරීම දක්නට හැකිය. විරෝධාකල්පීය තේමාව පාදක කර ගනිමින් තම ගායන ලීලාව හැසිර වූ පශ්චාත් නූතන යුගයේ කවියෙකු ලෙස  අජිත් කුමාරසිරි හඳුනාගත හැකිය. බොහෝ විට මොහුගේ ගීතයන් තුළ සමාජ දේශපාලන  අසාධාරණයන් හා දෝෂයන් පිළිඹිබු කිරිමට ගේය පද මාලාවක් හා ගායන ස්වරයක් යොදා ගන්නා නවක පෙළේ ගායකයෙකි. විශේෂයෙන් මොහු විසින් ගායනා කරනු ලබන ග්‍රීස් ගහේ මුදුනටම ගියා යන ගීතය පශ්චාත් නූතන යුගය තුළ පවතින විරෝධාකල්පය රැගත් ගීතයකි. මෙම ගීතය තුළින් නූතන සමාජය වානිජමය අරමුණු පසුපස හඹා යන ආකාරය වෙනස් ආකාරයකින් රඟ දැක්වීමක් දක්නට හැකි වේ. 

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම 
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා 
සිංහල අවුරුදු දවසේ.........
කොඩිය අරන් මං බැහැලා ගියා 
ඇය ඔටුනු පැළඳ නගරයට ගියා 
සිංහල අවුරුදු දවසේ .....

පබාවතිය මගෙ යන්න ගියා 
කුසට ගෑස්ටි්රක් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ .....
කොළඹ කට්ටියක් අරන් ගියා 
ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා 
සිංහල අවුරුදු දවසේ....
රටක් වටින ඇය යන්න ගියා
සිංහල අවුරුදු දවසේ....

sold out-sold out- sold out- sold out
ඔබෙ දෙතොල් විකුණන්න - ඔය දෙතන් විකුණන්න
කෙහෙ රැල්ල විකුණන්න- මෘදු ඇඟිලි විකුණන්න
ඇහි දෙබැම විකුණන්න- හසරැල්ල විකුණන්න
ඔබෙ බල්ල විකුණන්න - ඔබෙ පූසා විකුණන්න
ඔය දෑස විකුණන්න - ඔබ ඔබම විකිණෙන්න....


sold out- sold out – she sold out – sold out
She was sold out
මුළු රටම සනසන්න
මුළු රටම නලවන්න
මුළු ගතම විකුණන්න
but you my bay 
මුළු හිතම මට දෙන්න......  

සමාජය විසින් ම ගොඩනඟා ගත් හරසුන් ක්‍රියා පිළිවෙත් හේතුකොට ගෙන පුද්ගලයින් ගේ මංමුලා වීමේ වපසරිය යෞවනියකගේ ජීවිතයේ එක් පැතිකඩ විවරණයක් මෙමඟින් දිගහැරේ. සිංහල අවුරුදු දවස මෙහි නාභිගත කර ඇති එක් වෙසෙස් හෝරාවකි. සිංහල අවුරුද්ද යනු සාම්ප්‍රදායික ගැමි ජීවන පරිසරය තුළ පවතින සංස්කෘතිකාංගයකි. එකී සිංහල අවුරුද්ද යොදා ගෙන තිබෙනනේ සංකේතාත්මකවය. සිංහල අවුරුදු දා ගමෙන් නගරයට යෑමට මාවත සකස් වන්නේ එම යෞවනියගේ ශරීර අඟ පසඟ පිහිටා ඇති මනෝ රම්‍ය ලාලිත්‍ය නිසාවෙනි. ඇයගේ රූප ශෝභාවට අභිසෙස් දෙන්නට සාම්ප්‍රදායික සමයට වරමක් තිබුනද එකී වරමෙන් කිරුළ පළදවා ගත්තේ යෞවනිය නොව ඇයගේ පිටුපස සිටි වානිජත්වයේ මෙහෙයවීම බව අදහස් කරයි. විරෝධාකල්පය රැගත් මෙම ගේය පද නිර්මාණය පශ්චාත් නූතන යුගයේ පවතින ගීතයන් අභිබවා යන  අතිශය ඕලාරික බවක් දනවයි. කෙසේ වෙතත් මෙම ගීතයෙන් සමාජ යථාර්ථ නිරූපණය උපහාසාත්මක ස්වරයකින් රසිකයන් වෙත ළඟා කිරීමට ගත් උත්සාහයක් දක්නට ලැබේ. 

බොහෝ විට නිර්මාණය වන්නේ ආදරය හෝ විරහව පාදක කොට ගත් ගේය පද වේ. එකම රැල්ලකින් ගලා ආ ගේය පද වෙනුවට අද වන විට මෙවැනි ගීත නිර්මාණය වීමක් දක්නට ලැබෙන්නේ ද අතලොස්සක් පමණකි. ඒ අතර අජිත් කුමාරසිරි ද ඇතුලත් වේ. විශේෂයෙන් ම මෙම ගීතයේ සෞන්දර්යාත්මක බව අභිබවා ගිය ර`ඵ විරෝධාකල්පීය භාවයක් දක්නට හැකි වේ. එයට යොදා ඇති ගේය පද මෙන් ම සංගීතය ද ගායනයද වෙනස් ආකාරයේ ඕලාරික රසයක් ලබා දෙන බව පෙනී යයි. ඇතැම් විට එය නිර්මාණකරුවා යොදා ගෙන ඇති උපක්‍රමයක් විය හැකිය. මෙහි පද රචනය, සංගීතය මෙන් ම ගායනය ද එකම පුද්ගලයෙකුගේ වීම තවත් වෙසෙසකි. විරෝධාකල්ප ගීත අතුරින් මෙම ගීතය  සතුව පවතින තවත් විශේෂයක් වන්නේ ගේය පද නිර්මාණය සඳහා ඉංග්‍රීසි වචන ද යොදා ගැනීමයි. විශේෂයෙන් ම  but you my bay
 යන පදය භාවිතා කොට ඇත්තේ ගීතයෙන් දෙන අරුථ වඩාත් සාක්ෂාත් කිරීමේ ප්‍රයත්නයක් ලෙසයි. විකිණී අහවරයි යන අරුථ ගෙන දීම සඳහා මෙය භාවිතා කොට ඇත්තේ අපූර්ව ආකාරයෙනි. තවද ීයැ අ්ි ිදකා දමඑ යන ඉංග්‍රීසි වාක්‍ය ගීතයේ අවසාන කොටසෙහි යොදා තිබීම ද වෙසෙසකි.එහි දී අදහස් කරන්නේ වානිජත්වය විසින් අන්  සියල්ල නතු කරගෙන අවසාන බවයි. ගීතය පුරාවටම ර`ඵ ස්වරයකින් යුක්ත බවක් හැඟවේ. 

 පබාවතිය මගෙ යන්න ගියා කුසට ගෑස්ටි්‍රක් අම්ල තියා යන යෙදුම ව්‍යංගාර්ථවත් රසයක් ගෙන ඒම සඳහා යොදාගෙන තිබේ. තවද ග්‍රීස් ගහ තරණය කිරීම හා අවුරුදු කුමරිය යන තරඟ දෙක යෞවනයා හා යෞවනිය වෙනුවෙන් තරඟ කිරීමක් ලෙස දක්වා තිබීමද විශේෂ කාරණයකි. එසේම එය සංකේතාත්මක වේ. ග්‍රීස් ගහ තරණය කරමින් තම උපරිම ජවය හා කාය ශක්තිය යොදවා ජය ග්‍රහණය වෙත ළඟා වීම ඉතා අසීරු කර්තව්‍යයකි. අවුරුදු කුමරිය යනු ඊට හාත් පස වෙනත් තරඟයකි. කායිකව වෙහෙසක් නොගෙන ම ජයක් ලැබීමට හැකි තරඟයක් වේ නම් ඒ අවුරුදු කුමරිය තේරීමේ තරඟය වේ. යෞවනියගේ රූපශ්‍රීයේ ඔපවත් භාවයට හා ලාලිත්‍යභාවයේ සෞන්දර්යත්වයට ඉහළ වටිනාකමක් ළබා දෙන්නා සේම මැයට ලැබෙන්නේ කිරුළකි.  යෞවනයා දහඩිය වගුරුවා වෙර වීර්ය යොදවා ඉතාමත් අසීරුවෙන් ග්‍රීස් සමඟ පොර බඳින්නේ  ජය ටැඹ වෙත යොමු වීමටයි. ග්‍රීස් ගහ තරණය කරමින් ජය ටැඹ වෙත යොමුවෙත් ම ඔහුට හිමි වන්නේ කොඩියකි. ගමන් මාර්ගයන් දෙකක් ඔස්සේ තරඟ වදින්නේ එකම අවුරුදු උත්සවයක් තුළ දීමය. එය සැබවින් ම අප ජීවත් වන සමාජ ක්‍රමය හුවා දැක්වීමක් වැනිය. 

යෞවනිය විසින් ගමෙන් කොළඹට යෑමේ මාවත සකසා ගන්නේ තම රූපශ්‍රීය මුල්කොට ගෙන වේ. මෙය කාලීන වශයෙන් සුලභව සිදුවෙන ක්‍රියාවලියකි. මෙහි පවත්නා යථානුරූපීභාවය හෙළි කරනු වස් මෙම ගීතය පුරාවටම උත්සාහ ගෙන ඇති බව පෙනේ.  රූපශ්‍රීය වෙනුවෙන් වානිජමය වටිනාකමක් ලබා ගන්නා ආකාරය පියවරෙන් පියවර උපහාසාත්මක විවරණයක් ගෙන එයි. මෙම ගීතයට පාදක කර ගෙන තිබෙනුයේ වානිජත්වය විසින් පුද්ගල ජීවිත වල සාරය උරා ගන්න බවයි. එය පශ්චාත් නූතන යුගයට කෙතරම් උචිතද යන්න වැදගත් වේ. එය කාලෝචිත වශයෙන් වැදගත් වූවක් බව පෙනී යන්නේ මෙම ගීතය මඟින් ඉදිරිපත් කරනු ලබන ඔබෙ දෙතොල් විකුණන්න - ඔය දෙතන් විකුණන්න කෙහෙ රැල්ල විකුණන්න- මෘදු ඇඟිලි විකුණන්න යනාදී වූ ගේය පද ආශ්‍රයෙනි. තවද මෙම ගීත ඛණ්ඩය තුළම ඔබෙ බල්ල විකුණන්න - ඔබෙ පූසා විකුණන්න යනාදී ප්‍රබල ප්‍රකාශයක් ඒ තුළින් ගෙනවිත් තිබෙන්නේ අතිශය උපහාසාත්මක සමාජ විවරණයක් ද  සහිතවයි. තවද ීයැ අ්ි ිදකා දමඑ යන ඉංග්‍රීසි වාක්‍යයක් එම ගේයපද ඛණ්ඩය තුළට එකතු කර තිබේ. මෙයින් සමාජය තුළ යෞවනිය හෝ කාන්තාව සඳහා වානිජමය වටිනාකමක් හිමි වී ඇති බව තව දුරටත් නොරහසක් බව හෙළි කරයි. වත්මන් සමාජ පසුබිම තුළ  කාන්තාව අලෙවි භාන්ඩයක් බවට පත් වී හමාර බවට මෙම ගීතය තුළින් ඉදිරිපත් කිරිමට රචකයා සමත්ව තිබේ. කාන්තාවටම නොව ඇයගේ දෙතොල් , දෙතන් , කොණ්ඩය වැනි ශරීරාංග වලට තනි තනිවම වටිනාකමක් හිමි වී ඇති බව වෙනස් ස්වරයකින් ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා තව දුරටත් සමත්ව තිබේ. අවසානයේ දී ඔබ ඔබම විකිණෙන්න.... යනුවෙන් ප්‍රබල ප්‍රකාශයක් යොදා තිබේ. එමඟින් මුළු සමාජ හර පද්ධතිය ගැඹුරු උපහාසාත්මක දෘෂ්ටියකින් නාභිගත කිරීමක් දක්නට තිබේ. 
තවද ගීතයේ අවසාන භාගය වන විට විරෝධාකල්පීය  මුහුණුවර ක්‍රමිකව වැඩි වීමක් දක්නට තිබේ. එය නිර්මාණකරුවාගේ එක් සුවිශේෂ ලක්ෂණයක් ලෙස කැපී පෙනේ. සමත් ව තිබේ. අවසාන පද්‍ය ඛණ්ඩය තුළින් තව දුරටත් උපහාසාත්මක විවරණයක් සමස්ත සමාජ පද්ධතිය වෙතම යොමු කර තිබේ. 

මුළු රටම සනසන්න-  මුළු රටම නලවන්න
මුළු ගතම විකුණන්න
but you my bay 
 මුළු හිතම මට දෙන්න......  


මුළු  රටම නලවා රටම සනසා මුළු ගතම විකිණී අවසානයේ මුළු  හිතම මට දෙන්න යනුවෙන් පැවසීමෙන් ගම්‍ය වන්නේ මෙම ගීතය පුරාවටම ගලා ආවේ පෙම්වතෙකු විසින් තම පෙම්වතියගේ ආත්ම භාෂණයේ වැමෑරීමක් ගෙන ආ බවයි.  පබාවතිය මගෙ යන්න ගියා කුසට ගෑස්ටික් අම්ල තියා යන ගේය පද ඛන්ඩයෙන් ද දිස් වන්නේ ඇය මොහු ගේ සමීපතමයෙක් බවය. ඇය ඔහුගේ පෙම්වතිය වූවත් ඇය නළවන්නේ ඇය සනසන්නේ ඔහුව නොව වෙනත් පුද්ගල කොට්ඨාසයනක් බව මින් අදහස් කරයි. එය නූතනයේ සීඝ්‍රයෙන් බෝ වෙමින් යන නළඟනන් ට ගැසූ කණේ පහරක් වැනිය. විරෝධාකල්පීය භාවය අතිශය ගැබ්ව ඇති මෙම ගීතය පශ්චාත් නූතන යුගයේ නිර්මාණය වූ වෙනස් ම ආකාරයේ ගීතයකි.  but you my bay යන්න ඉතා වෙනස් ස්වරයකින් ගායනයට හසු කරන මෙම නිර්මාණකරුවා වෙනස් ආකාරයේ ගේය පද රචනා කිරිමේ  ශෛලියක් යොදා ඇති බව විද්‍යමාන වේ.  මේ අන්දමින් අවසානය දක්වා විරෝධාකල්පීය  මුහුණුවර අඛණ්ඩව ගලා යාමක් දක්නට ලැබෙන අතර එය බොහෝ ලෙස රැඩිකල් මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා සමත්ව තිබේ. වානිජත්වය විසින් කාන්තාවගේ සෞන්දර්යත්වය ඇයගේ ස්ව කැමැත්තෙන් ම වෙන්දේසි කිරීමට හසු කර ගන්නා සමාජයක යථාර්ථ නිරූපණයක් සේ මෙම ගීතය ඉදිරිපත් කිරීමට වෙනස් ආකාරයේ උත්සාහයක් ගෙන ඇති බව පෙනේ.





Tuesday, April 4, 2017




https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQzwQGmu0giN0EowUQJY26HxjTP7naoNR-xVFPGqKrBF3PC-RRfagz3Slosපිපාසයකට වතුර උගුරක් 
ගන්න බැරි බව 
දැන දැනත් 

සයුර

උඹට

ගංගාවන්

කුමට කඹුරනවාද
ඔය හැටි ☹☹

Which Reason   නොහඳුන බොහොමයක් මැද හැඳින ගත්තක් ඇත   හැඳින ගත් නුඹ තුළ එක් කොනක නොහඳුනන මම