Monday, August 7, 2017

ටෙලිෆෝන් උන්මාදය

 


සැන් ඩියේගෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා ආචාර්යවරියක් සිදුකරන ලද සමීක්ෂණයකින් නූතන ගැටවර පරපුර (teenage generation)  මුහුණදෙමින් සිටින බරපතල අර්බුධයක් ගැන තොරතුරු හෙලිවී තියෙනවා. ඇයගේ සමීක්ෂණ දත්ත අනුව ස්මාර්ට්ෆෝන් ජනප්‍රිය වී ඇති මෙම යුගයේ ගැටවර පරපුර
  • මිතුරු මිතුරියන් ඇසුරින් ඈත්වූ
  • විනෝදාස්වාදයන් සඳහා අඩුවෙන් නිවසෙන් බැහැරව යන
  • තම මිතුරු මිතුරියන් තමන්ව ඈතිකරන්න බලන බව, වෙනස් කම් පෙන්වන බව සිතන
  • බොහෝවිට තනිකමෙන් පෙලෙන තැනැත්තන් බවට පත්වෙලා. 


නිවසට වී ස්මාර්ට්ෆෝන් තිරය දෙස දෑස් යොමාගෙන, තම මිතුරු මිතුරියන් සමාජ ජාලවල බෙදාහරින ඡායාරූප දෙස බලමින් සිටිනා ගැටවර/ගැටවරියන් සිය මිතුරු-මිතුරියන් විනෝදවන හැටි, විවිධ ස්ථානවල සංචාරය කරන සැටි බලමින් දුකසේ සිටිනවා. 

කන්නට පෙර කෑමපිඟාන, එලියට බහින්නට පෙර ගේ දොරකඩ ලඟ සිට පවා ඡායාරූපගත කොට "having dinner @.... feeling awesome with..... traveling to..... " යනුවෙන් තමන් කරන කියන එදිනෙදා කටයුතු, යන එන ගමන් පවා මහා ආශ්වාදජනක බව මවා පාමින් පට්ට ෆන් එකක්  ලබන බව අතිශයොක්තියෙන් වාර්තාකරන්නන්ද, නිවසේ තනිවී මේවා බලමින් සිටින්නන් තරමටම විෂාදයෙන් පෙලෙනවා.


මේ සමීක්ෂණයේ තොරතුරු මත එළඹුනු තවත් නිගමනයක් නම් තනිකම හා විශාදයේ ප්‍රභලත්වය, ස්මාර්ට්ෆෝන් තිරය දෙස බලමින් ගතකරන කාලයට සමානුපාතික බවයි. වැඩි කාලයක් තිරය දෙස බලාගෙන ගතකරන්නන් වැඩියෙන් තනිකමින් හා විශාදයෙන් පෙලෙනවා.

මෙවැනි ස්මාර්ට්ෆෝන් ගැටවුන්/ගැටිස්සියෙන් අඩු ආත්මවිශ්වාසයෙන් පෙලෙන, හීනමාන ගතිවලින් පීඩාවිඳින,  සියදිවිනසා ගැනීම ගැන වැඩියෙන් සිතන අය බවද වාර්තාවීම බිය ජනකයි. එමෙන්ම අවධානය දිනාගැනීමට/වැඩියෙන් ලයික් ගැනීමට අනවශ්‍ය අවදානම් ගන්නා පිරිසක් බවටද පත්වෙමින් සිටිනවා.

No comments:

Post a Comment

Which Reason   නොහඳුන බොහොමයක් මැද හැඳින ගත්තක් ඇත   හැඳින ගත් නුඹ තුළ එක් කොනක නොහඳුනන මම